සමාජ මාධ්‍යයෙන් වැරදි ලෙස ප්‍රචාරය වන පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කරයි

Share

යටියන්තොට පොලිස් වසමේ ගනේපල්ල වත්තේ බීමත් පුද්ගලයින් දෙදෙනෙතු අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිගයාම හේතුවෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට සුළු පහරදීමක් දිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් 119 මධ්‍යස්ථායෙන් යටියන්තොට පොලීසියට ලද තොරතුක් මත විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මෙම පුවත සමාජ මාධ්‍ය මඟින් වැරදි ලෙස ප්‍රචාරය වන බව පොලීසිය පවසයි.

අදාල සිදුවීම මැතිවරණය සම්බන්ධයෙන් සිදුවීමක් නොවන බව පොලීසිය විසින් වැඩිදුරටත් සඳහන් කරන අතර එය හුදෙක්ම බීමත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News