නව රජයේ කැබිනට් මණ්ඩලයට ඇමතිවරු 15ක්

Share

නව රජයේ අමාත්‍ය මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විත වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන දේශපාලන පක්ෂවල නායකයන්ගේ හමුවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

ඒ කොළඹ විජයරාම ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේ දි.

Read more

Local News