නව රජයේ අමාත්‍යවරු 8ක් රාජකාරී අරඹයි

Share

නව රජයේ අමාත්‍යවරුන් 8 දෙනෙක් අද පස්වරුවේ රාජකාරී කටයුතු ආරම්භ කළහ.

එලෙස රාජකාරී ආරම්භ කළේ, එස්. එම්. චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්ද, නිමල් සිරිපාල ද සිල්වා, ආරුමුගන් තොන්ඩමන්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ය.

16 දෙනෙකුගෙන් යුත් නව කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read more

Local News