උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාවට පොලිසීය – කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් 4300ක්

Share

මෙම උත්සව සමයේ විශාල වශයෙන් ජනතාව නගර කරා පැමිණෙන අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා විසින් අදාළ අංශ දැනුම්වත් කර ඇති අතර කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් 4300ක් යෙදවීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව කොළඹ නගරයේ නිල ඇඳුමින් රාජකාරි සඳහා නිලධාරීන් 2800ක්, සිවිල් ඇඳුමින් නිලධාරීන් 300ක් හා රථවාහන රාජකාරි සඳහා නිලධාරීන් 1200ක් යොදවා ඇත.
එමෙන් ම තදබදයන් ඇතිවන ස්ථානවල මුදල් පසුම්බි, රන් ආභරණ හා අනෙකුත් වටිනා දෑ පිළිබඳ විමසිලිමත් වන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම උත්සව සමයේ දී බිමත් රියදුරන් මගින් සිදුවන අනතුරු අවම කිරීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක වන අතර ගිනි කෙළි භාවිතයේ දී සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් ප්‍රමිතිගත ගිනිකෙළි භාවිත කිරීමට කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින පොලිසිය කුඩා දරුවන් එවැනි දෑවලින් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටී.
නගර කරා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව මෙන් ම රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වන අතර රථවාහන තදබදය අවම කිරීමට ද විශේෂ වැඩපිළිවෙළ යොදා ඇත.

Read more

Local News