දැන් මූණ දෙමින් සිටින්නේ ඉතාම අභියෝගාත්මක කාලපරිච්ඡේදයක

Share

වර්තමානයේ මූණ දෙමින් සිටින්නේ ඉතාම අභියෝගාත්මක කාලපරිච්ඡේදයකට බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කෙසේ හෝ එම අභියෝගය ජයගත යුතු බවද ඒ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ දී රාජකාරි අරඹමිනි.

අමාත්‍යාංශ නිලධාරීන් හා ආයතන ප්‍රධානීන් වෙත අදහස් දක්වමින් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

”මානව සම්පත ඉතාම වැදගත් දෙයක්. එය ශක්තියක්. එය හරියාකාරව දියුණු කර ගත යුතුයි. වඩා සක්‍රීයභාවයකට පරිවර්තනය කළ හැකි ක්‍රියාකාරීත්වයක් ඇති කිරීමට අලුත් මාවතක් ඇතිකරගැනීමට මග පෙන්වීමට හැකි ආයතන රාශියක් මෙහි තිබෙනවා.

අපි බලාපොරොත්තු වූ ඉලක්කයට රට ගෙන ඒමට අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් සුවිශේෂී අවධානයක් මෙම වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය වෙත යොමු කර තිබෙනවා.

මේ සංවර්ධන ක්‍රියාදාමය යථාර්ථයක් බවට පත් කරන්නට මෙන්ම  අපේ රටේ වෘත්තීය නිපුණතාවයෙන් හෙබි පරම්පරාවක් ඇති කරන්නට වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.  ප්‍රකාශයටපත් කොට තිබෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අප වැඩ කළ යුතුයි.

ප්‍රකාශයට පත්කොට තිබෙන වැඩපිළිවෙළ වේගවත්ව කරගෙන යායුතුයි. අපි මූණ දෙන්නෙ ඉතාම අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට. කෙසේ හෝ අපි ඒ අභියෝගය ජයගත යුතුයි.

ආර්ථික පසුබෑම, නව පරම්පරාවේ බලාපොරොත්තු සුන්වීම අද බොහෝ විට දැක ගන්නට පුළුවන්. පාසල්වලින් පිටවී යන සිසුන්ට අනාගතයට මුහුණදීමට මග පෙන්වීම, පුහුණු කිරීම, සුදුසුකම්ලබාදීම,  වෘත්තීන් සඳහා යොමු කිරීම මෙම වැඩපිළිවෙළ මගින් සිදු කෙරෙනවා.

ඒ තුළින් අනාගතය පණ ගැන්විය හැකි නවීන ආර්ථිකයක් බවට පත් කිරීම අපේක්ෂා කරන අතර මම හිතනවා මේ වෙනුවෙන් ඔබ කැපවී කටයුතු කරනවා කියලා.

වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීම සඳහා අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් සුවිශේෂී උනන්දුවක් දක්වනවා.

මම විශ්වාස කරනවා මේ ඉලක්කය ඉටු කර ගැනීමට ඔබ සැමකැපවීමෙන් කටයුතු කරයි කියලා.”

Read more

Local News