යාපනය විශ්ව විද්‍යාල සීමාවේ කිසිදු ක්‍රියාකාරකමකට අවසර නෑ

Share

යාපනය විශ්ව විද්‍යාල සීමාව තුළ අද (27) සහ හෙට (28) යන දිනවල අනුමැතියකින් තොරව කිසිදු ක්‍රියාකාරකමක නිරත නොවන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය එහි සිසුන්ට දැනුම් දී තිබේ.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් මහවිරු සැමරුම් වැඩසටහනක් අද දිනයේ විශ්ව විද්‍යාල භූමියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවට වාර්තා වීම හේතුවෙන් පාලනාධිකාරිය මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ද සිසුන් පිරිසක් කටයුතු කර තිබූ බව සදහන් ව‌ෙ‌යි.

Read more

Local News