ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයේ මුල් දින කිහිපය තුළ සාධනීය වෙනස්කම් දක්නට ලැබුණත් සුබවාදී බලාපොරොත්තු තැබිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එහි මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
“ආරක්ෂාව තහවුරු කරන්න පත් කරපු ආණ්ඩුව අද ලෝකේ කිසිම රටක අත තියන්නේ නැති
ස්විස්ටර්ලන්තයේ තානාපති කාර්යාලය හුදෙකලා වු එකක් නෙවෙයි. මේවාගේ ඉන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ.
රාජ්‍ය තාන්ත්‍රික සේවාව හරිආකාරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් රජයක් වුණාහම.
එක තානාපති කාර්යාලයකට අත තිබ්බා කියන්නේ මුළු ලෝකෙම තානාපති කාර්යාල ඒ දෙස විමසිල්ලෙන් හා අවධානයෙන් ඉන්නේ.
දැනටමත් ස්විස්ටර්ලන්ත කාර්යාලය ලංකාවේ පවත්වාගෙන යනවාද කියන අවධානමට ලක් වෙලා තියෙන්නේ.
මෙය රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ බරපතළ ගැටලුවක්.”
“ඇමති මණ්ඩලය 15කට අඩු කරාම අපිත් බැලුවා හොඳයි, වෙනසක් වෙනවා නේද කියලා.
සතියක් යන්න කලින් ඇමති මණ්ඩලේ වැඩි කළා. කැබිනට් වරප්‍රසාදම තමයි අනෙක් ඇමතිවරුන්ටත් තියෙන්නේ.”