ජනපති ඉන්දියාව බලා පිටත් වෙයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පළමු රාජ්‍ය සංචාරය ලෙස මීට සුළු මොහොතකට පෙර ඉන්දියාව බලා පිටත්ව ගියේය.

සාමාන්‍ය මගී පර්යන්තයෙන් ඒ මහතා ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව අප වාර්තාකරු පැවසීය.

අද දින දහවල් 2.05 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් ඒ මහතා පිටත්ව ගොස් ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

මෙහිදී  ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති රාම්නාත් කොව්න්ද් මහතා හමුවන අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවලද නිරතවීමටද නියමිතයි.

Read more

Local News