ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කිරීම ගැන නිවේදනයක්

Share

පසුගිය 25 වැනි සඳුදා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගනු ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධයෙන් සිදු වූයේ යැයි කියනු ලබන සාපරාධී සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රජය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව ඊයේ දිනයේ දී දැනගැනීමෙන් අනතුරුව, පොලීසිය මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට වහාම පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම විමර්ශනය සුමටව සහ ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුකූලව සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට අවස්ථාව සලසා දීම පිණිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම නිවේදනයෙන් ඉල්ලා තිබේ.

ස්විට්සර්ලන්තය සඳහා සමගාමීව අක්ත ගන්වා සිටින ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමා මෙම පරීක්ෂණය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සඳහා ළඟදීම ස්විට්සර්ලන්ත බලධාරීන් හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සුමට ක්‍රියාකාරිත්වයට පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියට (1961) රාජ්‍ය පාර්ශ්වයක් ලෙස පවරා ගන්නා ලද බැඳීම් ක්‍රියාවට නැංවීම සඳහා වූ කැපවීම නිසැකවම තහවුරු කිරීම පිණිස ශ්‍රී ලංකා රජය මෙහි දී අවස්ථාව සලසා ගනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Read more

Local News