ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසි අවස්ථාවකදී පලදන්න හිස් වැසුමක්

Share

හදිසි අවස්ථාවකදී පැලඳිය හැකි හිස් වැසුමක් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හඳුන්වා දී ඇත.

ඒ භූකම්පන වලින් ආරක්ෂාවීමේ එක් පියවරක් ලෙසයි.

භූකම්පනවලින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා ඔවුන් විවිධ අත්හදාබැලීම් සිදුකරයි.

පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරදී ඇතිවිය හැකි භූකම්පනයකට මුහුණදීම සම්බන්ධයෙන් පසුගිය දිනක මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත.

එහිදී නැවිය හැකි හිස්වැසුමක්ද මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට පියවර ගෙන තිබුණේ භූකම්නයෙන් ජීවිත ආරක්ෂා කරගැනීමේ එක් පියවරක් ලෙසයි.

හදිසි අවස්ථාවකදී හිස් වැසුම පැළඳ නිසොල්මන්ව සිටින ලෙසටත් මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා ‌වෙයි.

Read more

Local News