එජාපයේ නායක ගැටලුවට පැය 48කින් විසඳුමක්

Share

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායක ධුරය පිළිබඳ ගැටලුවට පැය 48ක කාලයකින් විසඳුමක් ලැබෙනු ඇති බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

හමුවෙන් අනතුරුව පක්ෂ නියෝජිතයින් මාධ්‍යයට අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු මනෝ ගනේශන් මහතා වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය තුළ කිසි ලෙසකින්වත් බෙදීමක් සිදු නොවන බවයි.

එම අවස්ථාවේ අදහස් දැක්වු එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය යනු එක්සත්ව ඉදිරියට යන පක්ෂයක් බවයි.

එසේම සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අසනීපයෙන් පසුවන බවත් එනිසා අද පැවති සාකච්ඡාවට සහභාගි නොවු බවත් ඒ මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පෙරමුණේ පා.ම.පී.දිගම්බරන් මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එක් අයෙක් විපක්ෂ නායක ධුරයත් අනෙක් කෙනා පක්ෂ නායක ධුරයත් භාර ගත යුතු බවයි.

Read more

Local News