ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජී. මැනෙල්ලා (Rita Giuliana Manella) මහත්මිය ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
ජනාධිපති ධූරයට පත්වීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තමන්ගේ සහ ඉතාලි රජයේ සුභාශීංසන පිළිගැන් වූ තානාපතිවරිය කියා සිටියේ නව දැක්මක් සහිතව ඉදිරියට යන ශ්‍රී ලංකාව සමඟ පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට සිය රජය අපේක්ෂා කරන බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව වැඩපිළිවෙළත් සමඟ ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ගෙන් කඩිනමින් ඉදිරියට ගමන් කරනු ඇති බවට විශ්වාසය පළ කළ තානාපතිවරිය එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනිමට හැකි උපරිම සහාය ලබා දෙන බව ද කියා සිටියාය.
මේ අතර ශ්‍රී ලංකාවේ සිටින නෝර්වේ තානාපතිනි ට්‍රයිනි ජොරන්ලි එස්කෙඩෙල් මහත්මිය (Trine Joranli Eskedal) ඇතුළු දූත පිරිස ද ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූහ.
තානාපතිවරිය ඇතුළු දූත පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සුභාශීංසන පළ කළ අතර නව දැක්මක් සහ ශක්තිමත් පදනමක් සහිත ශ්‍රී ලංකා නව ජනපතිගේ වැඩපිළිවෙළට සිය රජයේ ද උපරිම සහාය ලබාදෙන බව තානාපතිවරිය ප්‍රකාශ කළාය.