ආඬිඅම්බලම ප්‍රදේශයේ සිට කටුනායක ගුවන් තොටුපල දක්වා වූ මාර්ගයේ එක් මංතීරුවක් ලබන 7 වනදා සිට වසා තැබෙන බව ගුවන් තොටුපල සහ සිවිල් ගුවන් සේවා සමාගම පවසයි.
කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ආඩිඅම්බලම ප්‍රදේශයේ සිට කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගයේ ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් එම පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන 7 වනදා පස්වරු 06.00 සිට පසුදින (08) වන දා මධ්‍යම රාත්‍රී 12.00 තෙක් අදාල මාර්ගයේ එක් මංතීරුවක් වසා තැබෙන බව ගුවන් තොටුපල සහ සිවිල් ගුවන් සේවා සමාගම සඳහන් කරයි.
මේ හේතුවෙන් මිනුවන්ගොඩ, කිඹුලපිටිය දෙසින් නයිකන්ද ප්‍රදේශය ඔස්සේ ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ගුවන් තොටුපළ කළමනාකාරිත්වය දැනුම්දෙයි.