පොලිස් නිලධාරීන් 60 කට ස්ථාන මාරුවීම්

Share

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 කට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

 

ඊයේ (06) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ජාතික පොලිස් කොමිසම මගින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන්ය.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනාට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 18 දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 20 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 කට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

Read more

Local News