බලය ඇති විට දේශපාලකයින් නිහතමානි විය යුතුයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළැඹෙන මහ මැතිවරණයේදී ඒකාබද්ධව කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරවෙල පැවති ජනහමුවක් අමතමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සහයෝගය හේතුවෙන් ජනාධිපතිවරණය ජය ගත හැකි වු බවත් ඒ මහතා සිහිපත් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ බලය ඇති විට දේශපාලකයින් අත්තනෝමතිකව කටයුතු නොකර නිහතමානී විය යුතු බවයි.

Read more

Local News