විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාව හිමි කර ගනී

Share

මෙවර  විශ්ව රූ රැජිණ කිරුළ හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වී තිබේ.

 

ජෝර්ජියාවේ  ඇට්ලන්ටා නගරයේ විශ්ව රූ රැජිණ  අවසන් තරගයෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව  නියෝජනය කළ සෝසිබිනී ටන්සි (Zozibini Tunzi) සමත් විය.

සම්ප්‍රදායානුකූලව ඇයට එම කිරුළ පැළඳුවේ පසුගිය වසරේ විශ්ව රූ රැජිණ කිරුළ හිමි කරගත් පිලිපීනයේ කැට්‍රියෝනා ග්‍රේ විසින්.

දකුණු අප්‍රිකාවේ  සෝලෝ  නගරයේ උපත ලබා ඇති 26 හැවිරිදි සෝසිබිනී ටන්සි වෘත්තියෙන්  මෝස්තර නිරූපිකාවක්.

2019 වර්ෂයේ දකුණු අප්‍රිකානු රූ රැජිණ තේරීමේ තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය මෙම තරගය නියෝජනය කිරීමට භාග්‍යය හිමිකර ගත්තේය.

දකුණු අප්‍රිකාව විශ්ව රූ රැජිණ කිරුළ දිනාගත් තෙවන අවස්ථාව මෙයයි.

2011 වසරේ ඇන්ගෝලා ජනරජයේ ලෙයිලා ලෝප්ස් ගෙන් පසු  වීශ්ව රූ රැජිණ කිරුළට හිමිකම් කියන කළු ජාතික සම්භවයක් ඇති පළමු වැන්නා සෝසිබිනී ටන්සි බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Read more

Local News