මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ උතුරු අර්ධයේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙට (11) සිට තරමක් දුරට අඩුවන ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ උතුරු පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75-100 පමණ තරමක තද වර්ෂාපතනයක් ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර හා මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 50-75 ත් පමණ තරමක වැසි ද ඇති‍ වෙයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News