Tuesday, March 19, 2024.

පෞද්ගලික ස්ථානවල පවත්වාගෙන යන අමාත්‍යාංශ රජයේ ගොඩනැගිලිවලට ගෙන යාමට සැලසුම්

Share

පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන රජයට අයත් ගොඩනැගිලිවලට ගෙන යන ලෙස උපදෙස් දී ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

 

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, පෞද්ගලික ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමෙන් රජයට අතිරේකව විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි.

මේ වනවිටත් අමාත්‍යාංශ කිහිපයක් හා ඒවායේ විවිධ අංශ මෙන්ම රාජ්‍ය ආයතන රැසක් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන බව ලේකම්වරයා සඳහන් කළේ ය.

එවැනි ගොඩනැගිලි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ද පියවර ගෙන ඇති බව ඔහු පැවසුවේ ය.

එහෙත් ඇතැම් ගොඩනැගිලි කුලී පදනම මත ලබා ගත් ගිවිසුම් අවසන් නොවීම හේතුවෙන් ඒවා තවදුරටත් රාජ්‍ය ආයතන පරිශ්‍ර ලෙස භාවිත කිරීමට සිදුව ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Read more

Local News