ස්විස් තානාපති කාර්යාල සිද්ධිය ගොතන ලද කතාවක්

Share

ස්විස් තානාපති නිලධාරිනිය සම්බන්ධ සිද්ධිය සම්පූර්ණයෙන්ම ගොතන ලද කතාවක් බව මේ වන විටත් තහවුරු වී ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

 

ඊයේ(10) පැවති ආණ්ඩුපක්ෂ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

පස්වරු 6ට පමණ ආරම්භ වූ එම හමුව පැය දෙකක පමණ කාලයක් පැවැත්වුණි.

එහිදී මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය.

ප්‍රශ්නය- ස්විස් තානාපති කාර්යාලයේ පැහැරගත් කාන්තාව සම්බන්ධයෙන් මොනවහරි සාකච්ඡා කළාද?

අමාත්‍ය මහින්ද අමරවීර- කුමන්ත්‍රණකරුවන් සොයා ගැනීම තියෙන්නෙ. සිද්ධිය ගොතපු කතාවක් බව පැහැදිලියි

ප්‍රශ්නය- ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මොකක්ද අදහස ඒ සම්බන්ධයෙන්?

අමාත්‍ය මහින්ද අමරවීර- එතුමාගේ අදහසත් එයයි. හේතුව සොයා බැලිය යුතුයි. බොරුවක් බව තහවුරුයි. අනුබල දීපු අය සෙවිය යුතුයි. රජය අපහසුතාවට පත්කරන්න. සැලසුම් සහගතව කරපු දෙයක්

ප්‍රශ්නය-  ඒක ඔප්පු කරන්න සූදානම්ද ?

අමාත්‍ය මහින්ද අමරවීර- පුළුවන් සාක්ෂි තියෙනවා

Read more

Local News