පොලිස් නිලධාරීන්ට උසස්වීම් දීමට නව ක්‍රමවේදයක්

Share

ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සම්බන්ධව නව ක්‍රමවේදයක් සකස් කර වහාම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

මේ සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් වැඩ බලන පොලිස්පති සී .ඩි වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේය.

නව රජයේ සංකල්පයකට අනුව ආරක්ෂක සේවයේ උසස්වීම් ලබා දීම සම්බන්ධව ඇති ක්‍රමවේදයන් පිළිබද අධ්‍යනය කිරිමෙන් පසු උසස් වීමේ පටිපාටිය සඳහා  නව ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරිමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

ඒ අනුව සුදුසුකම් ලත් නිළධාරින් සඳහා විධිමත් අයුරින් උසස්වීම් ලබා දීමේ වැඩපිළිවෙල සකස් කිරිමෙන් අනතුරුව එය  ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවද  ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

Read more

Local News