සිමෙන්ති කොට්ටයක මිල රු. 100කින් පහළට

Share

දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කර ඇතැයි අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

 

අමාත්‍යවරයා සඳහන් කළේ, වැට් බදු ඇතුළු බදු අඩු කිරීම හේතුවෙන් මෙම මිල අඩු කිරිමට පියවර ගත් බවයි.

එම මිල අඩු කිරීම ලබන සතියේ සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව දේශියව නිෂ්පාදනය කරන නව සිමෙන්ති කොට්ටයක මිල සටහන් වන්නේ රුපියල් 995ක් ලෙසයි.

Read more

Local News