මැතිවරණ පැමිණිලි මේ දක්වා 25ක් ලැබී ඇත – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share

ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යා හැක්කේ ඡන්ද අපේක්ෂකයන්ගේ නියෝජිතයන් දස දෙනකුට පමණක් බවත් ඊට වැඩියෙන් ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යන්නේ නම් එය නීනි විරෝධි පෙළපාලියක් රැස්වීමක් ලෙස සලකා නීති ප්‍රකාරව කටයුතු කර අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

මැතිවරණ පැමිණිලි මේ දක්වා 25ක් ලැබී ඇති අතර එම පැමිණිලි විසි පහට අදාළව සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට එම සැකකරුවන් ඇප මත සිටින අතර එම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මැතිවරණ අපෙක්ෂකයන් බවද ඒ මහතා පැවසීය.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සම්බන්ධයෙන් පොලිසිය වැටලීම් දොළහක් මේ කාලපරිච්ඡේදය තුළ සිදු කර සැකරුවන් 29දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසීය.

ලියාපදිංචි නොකල වාහනයක් මැතිවරණ කටයුතු වලට යොදා ගැනීම තහනම් වන අතර එවැනි වාහනයක රියදුරු සහ වාහනය පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය. විවිධ ජාතීන්, ආගම්, පන්තීන් අතර ‍ද්වේශ සහගත වෛරී සහගත ආරවුල් සහ නොසන්සුන් කාරී ක්‍රියා ඇතිකරන සහ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

Read more

Local News