එළවළු මිළ ඉහළට

Share

වර්ෂාවත් සමඟ එළවළු මිළ ගණන් 50% කින් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය පවසයි.

 

මෙලෙස වැඩි වී තිබෙන්නේ ලික්ස්, කැරට්, බීට්, බෝංචි, බණ්ඩක්කා, මෑකරල්, කරවිල, පතොල, බටු ඇතුළු එළවලු වර්ග කිහිපයක මිළයි.

වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, අමුමිරිස් තවදුරටත් සාමාන්‍ය මිලගණන්වලට අලෙවි වේ.

කෙසේ වෙතත් ගොවින් පවසන්නේ තමන්ගේ එළවළු සඳහා හොඳ මිලක් ලැබුණ ද අස්වැන්න අඩු වී ඇති බවයි.

Read more

Local News