භික්ෂූ විනය කඩකරන ස්වාමීන් වහන්සේ ගැන අවධානය යොමුවිය යුතුයි

Share

භික්ෂූ විනය කඩකරන ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ අවධානය යොමුවිය යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

 

හිමිනමක් විසින් අනතුරක් සිදුකර තරුණයෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිළිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

පසුගිය 13 වනදින නිවිතිගල කරවිට ප්‍රදේශයේදී හිමිනමක් පැදවු කැබ් රථයකට යටවීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබුණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිමිනම රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (17) දිනය දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read more

Local News