රංජන් අද අධිකරණයට

Share

අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද(15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ ඊයේ(14) පස්වරු 06.15ට පමණ මාදිවෙල පිහිටි නිවසේදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙනා බවයි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ විසින් නිකුත් කළ වරෙන්තු නියෝගයකට අනුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

විනිසුරුවරුන්ගේ කටයුතුවලට මැදිහත්වීම සහ බලපෑම් කිරීමේ චෝදනා යටතේ නිතිපතිවරයාගේ උපදෙස් මත රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News