Tuesday, March 19, 2024.

පුටින්ගේ ජනපති ධුර කාලය 2024න් අවසන් වෙයි

Share

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් අනතුරුව රුසියානු ආණ්ඩුව ඉල්ලා අස්වන බව ඊයේ(15) නිවේදනය කළේය.

 

ඒ අනුව එරට නව අගමැතිවරයා ලෙස බදු සේවයේ ප්‍රධානී මිහායිල් මිශුස්තින් පත්වීමට වැඩි ඉඩක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය අමතා සිදුකරන වාර්ෂික කතාව ඊයේ පැවැත්විය.

ජනාධිපතිවරයා සතු ඇතැම් බලතල අගමැතිවරයාට හා පාර්ලිමේන්තුවට හිමිවන පරිඳි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට ඔහු එහිදී යෝජනා කළේය.

අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ඉන් සුළු මොහොතකට පසුවයි.

ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ සලසමින් මෙම පියවර ගත් බවයි අගමැති දිමිත්‍රි මෙද්වදෙෆ් කියා සිටියේය.

සිව්වන වරටත් රුසියානු ජනාධිපතිවරයා ලෙස බලයේ රැඳී සිටින ව්ලැදිමීර් පුටින් 2024 වර්ෂයේදී සිය ධුරය කාලය නිමා කළ යුතුයි.

ඉන් අනතුරුව ඔහුට ජනාධිපති ධුරය දැරීමට අවස්ථාවක් හිමි නොවන අතර ඒ අනුව මෙය පුටින් යළි එරට අගමැතිවරයා ලෙස බලය හිමිකරගැනීමට දරන උත්සහයක් ලෙසටයි ඇතැම් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර නව අග්‍රාමාත්‍යවරයා ලෙස රුසියානු ෆෙඩරල් බදු සේවයේ ප්‍රධානී මිහායිල් මිශුස්තින්ගේ නම යෝජනාවී තිබේ.

ඉදිරියේදී ඒ සඳහා රුසියානු ඩූමාවේ අනුමැතිය  ලබාගැනීමට නියමිතයි.

ජාතික ආරක්ෂක සභාවේ උප ප්‍රධානියා ලෙස කටයුතු කරන්නැයි හිටපු අගමැති දිමිත්‍රි මෙද්වදෙෆ්ගෙන් ජනාධිපති පුටින් ඉල්ලා ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන්.

Read more

Local News