ජන නියෝජිතයන් ආදර්ශමත්ව කටයුතු කළ යුතුයි

Share

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වය භාර ගැනිමත් සමග ජනතා පෙළගැස්මක් ඇති වි ඇති නිසා ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි  2/3 බලයක් ලබා ගැනිමට අසිරු නොවන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.

 

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව  කියාසිටියේ නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ අද  (20) දින  පැවති ක්‍රිඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදි අදහස් දැක්වු රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ ජනාධිපතිවරණ සමයේ ඇතැම් කණ්ඩායම් රටේ ජනතාවට කෙටි තැගි , පඩුරු දිමට උත්සාහ කළ  බවත්,  එම තැගි සහ පඩුරු ප්‍රතික්ෂේප කළ  මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කළ  බවයි.

ජනතාව නියෝජනය කරන නියෝජිතයන් වශයෙන් වඩාත් ප්‍රවේසමෙන් සහ ආදර්ශශීලිව කටයුතු කළ  යුතු බවද රංජිත් සියඹලාපිටිය රාජ්‍ය  අමාත්‍යයවරයා කියාසිටියේය.

මේ වසරේ අප්‍රේල් මාසයේ අවසානයේදි ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට ජය ගැනිම සදහා ගෙන යන සියලුම ක්‍රියාවන් වලට කොටස්කරුවන් විම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාව බවයි රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ.

මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි බලාපොරොත්තු රාශියක් ඇති කරගෙන ඇති බවද රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍යවේදින්  හමුවේ වැඩිදුරටත් කියා සිටියහ.

Read more

Local News