19 අහෝසි කරලා ඒකාධිපතියෙක් වෙන්න හදනවාද ?

Share

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කිසිදු සහයක් ලබානොදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

 

අද(23) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා මේ බව පැවසීය.

“ආණ්ඩුව බලයට පත්වූ දවසේ සිටම කියන්නේ තුනෙන් දෙකක බලයක් දෙන්න ජනතාවට සහන දෙන්න. අපි ආණ්ඩුව ගන්නකොට මන්ත්‍රී ධුර 42යි තිබුණේ 2015 ජනවාරි මාසයේ 08 දා. මන්ත්‍රී ධුර 42ක් තියාගෙන තමයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරමින් රටේ පොදු ජනතාවට සහන රාශියක් දුන්නේ.

රාජ්‍ය සේවතයන්ගේ වැටුප් වැඩිකරෙත් විශ්‍රාමිකයන්ගේ දීමනාය වැඩි කරෙත්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය ගෙනල්ලා ඒ අයිතිවාසිකම සනාත කිරීම සඳහා පියවර ගත්තේත්, ඒකාධිපතිවරයා නැති කිරීම සඳහා තමයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. එහෙනම් දැන් 19 අහෝසි කරලා යන්න හදන්නේ ඒකාධිපතියෙක් වෙන්නද?“

Read more

Local News