වත්මන් රජයේ වගකීමක් ගැන අමාත්‍ය නිමල් කියයි

Share

බිද වැටී විනාශ වී ගිය අධිකරණය පිළිබඳව වු ජනතා විශ්වාශය යළි ඇති කිරීමේ වගකීම වත්මන් මේ රජයට තිබෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 267 ක වියදමින් ඉදි කිරීමට නියමිත මහනුවර තෙල්දෙණිය අධිකරණ ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (27)  පෙරවරුවේ එක්වෙමිනි.

එමෙන්ම 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබදව මීට වඩා ගැඹුරින් සොයා බැලිය යුතු බවත් ඒ තුළින් පත් කළ කොමිෂන් සභා වලින් කෙරෙන සේවය පිළිබදව පසු විපරම් කිරීමේ ක්‍රමයක් ඇති කළ යුතු බව අමාත්‍යවරයා පැවසීය.

නවීණ ලෝකය සමඟ තාක්ෂණය සමඟ අධිකරණයත් ඉදිරියට යා යුතු අතර ඒ සදහා නිර්මාණශීලි වැඩ අධිකරණ පද්ධතිය තුළ සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News