ලෝක වෙළඳපොලේ ඉල්ලුම අනුව කළ යුතු දේ

Share

ලෝක වෙළඳපොලේ ඉල්ලුමට අනුව රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කළ යුතු බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

 

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ වන විට ලෝකයේ බොහෝ දෙනා කාබනික නිෂ්පාදන වෙත යොමුවී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

ලෝක වෙළඳපොලේ ඇති වන පරිවර්තනයන් දෙස විමර්ශනාත්මකව බලා ඊට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදන ක්‍රියාදාමය වෙනස් කළ හැකි නම් වෙළඳපොල ජයගත හැකි වනු ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

Read more

Local News