රනිල් හා සජිත් පාර්ශවයන් අතර සාකච්ඡාවක්

Share

ගොඩනගන නව සන්ධානය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය අතර සාකච්ඡාවක් අද(14) පස්වරු 02.30ට පැවැත්වෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකට එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විය.

පෙරවරු 10ට සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුව ඇති අතර ඉන්පසු පක්ෂයේ ආසන සංවිධායකවරුන් හමුවී තිබේ.

‘සමගි ජනබල වේගය’ නමින් ගොඩනැඟෙන නව සන්ධානය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසා සිටියේ, අද දිනයේ අවසන් සාකච්ඡාවක් රනිල් පාර්ශවයෙන් සමාජිකයින් 5 දෙනෙක් හා සජිත් පාර්ශවයෙන් පාක්ෂිකයින් 5 දෙනෙකු එකතු වී පවත්වන බවයි.

එහිදී මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු වු කරන බවත් පැවසු මන්ත්‍රී ඉතා ඉක්මනින් ජනතාව අතරට යා යුතු බවත් කියා සිටියේය.

එක කඳවුරක සිට මැතිවරණයට සුදානම් විය යුතු බවත්, එසේ නැතිනම් වෙන් ව ගොස් හෝ කෙසේ හෝ මැතිවරණය වෙනුවෙන් එක් විය යුතු කාලය දැන් එළඹ ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

හදවත හෝ තාවකාලිකව අලියා ලකුණ සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නේ නම් එය ගැටළුවක් නොවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවති  මාධ්‍ය හමුවකදීද අදහස් පලවිය.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ තරුව සජිත් ප්‍රේමදාස මහතා වන බවයි.

එතුමාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් සකස් කර කටයුතු කිරීමට කටයුතු කර ඇති බවත් එකමුතුකමින් පාර්ලිමේන්තු බලය ගත හැකි බවත් එසේ නැතිනම් කම්මුතු විය හැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අද අවසන් තීරණයක් ගනු ඇතැයි පාක්ෂිකයින් සිතන බවත් අදින් පසු සාකච්ඡා අනවශ්‍ය බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read more

Local News