කොවිඩ් 19 ආසාදනය වු 1685 කගේ තත්ත්වය බරපතළයි

Share

කොවිඩ් 19 වෛරස ආසාධිතයින් 37,000ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 1,685 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වූහාන් බලධාරීන් පවසයි.

 

මේ අතර රටවල් රැසක පැතිරිගිය කොවිඩ් 19 රෝගයෙන් ඊයේ(13) දිනයේදී පුද්ගලයින් 121ක් දෙනෙකු මිය ගොස් තිබේ.

ඒ අනූව මේ වන විට ලොව පුරා මිය ගිය කොවිඩ් 19 ආසාධිතයින් ගණන 1383ක්.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, වෛරසය ව්‍යාප්ත වීමේ සහ මරණ සිදුවන රටාවේ සැළකිය යුතු වෙනසක් මේ වන විට සිදුවී නොමැති බවයි.

ලොවපුරා රටවල් 28ක් ගොදුරු කරගත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව අද වන විට 64,000 ඉක්මවා තිබේ.

වෛරසය ආසාදනය වුවත් මේ වන විට ඉන් සුවය ලබා ඇති පිරිස 5954 ක්.

වෛසරය මුල්වරට වාර්තා වූ චීනයේ වූහාන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා අදට දින 23ක් ගතව අවසන්.

වූහාන් බලධාරීන් පවසන්නේ ආසාධිතයින් 37,000ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 1,685 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

චීන ජනාධිපතිවරයාගේ නියෝග මත වූහාන් නගරය වෙත 2600 කින් සමන්විත හමුදා වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හැර තිබේ.

මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට මෙතෙක් හමුවූ ආසාදිතයින් ගණන 219 ක්.

ජපානයේ පළමු කෙරෝනා මරණය ඊයේ වාර්තා වූයේ ටෝකියෝ නුවරට ආසන්න නගරයක් වූ කනගාවා නගරයෙන්.

මේ අතර, අමෙරිකාවේ කැලිෆෝනියා, ඇරිසෝනා, වොෂිංටන්, ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත 7 කින් මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 15 දෙනෙක් හඳුනාගෙන තිබේ.

Read more

Local News