කොව්ඩ් වෛරසයෙන් මියගිය ගණන 1770 දක්වා ඉහළට

Share

නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 1770ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇති පුද්ගලයින් ගණනද 71200ක්.

නිරෝධායන කටයුතු සඳහා ජපානයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයින් ගණන 70 සිට 355 දක්වා වැඩිවී ඇති බව ජපන් බලධාරීන් ඉකුත් ඉරිදා ප්‍රකාශ කළේය.

මේ අතර ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානු ජාතිකයන් 400දෙනෙක් රැගත් ගුවන් යානා දෙකක් ජපානයෙන් අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

කෙසේ නමුත් නෞකාවේ සිටි කොරෝනා ආසාධිත බවට තහවුරු කරගත් තවත් අමෙරිකානු ජාතිකයන් 40 දෙනෙකු තවදුරටත් ජපානයේ ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News