එජාප අර්බුදය ඉදිරි දින කිහිපය තුළදී විසඳා ගන්නවා

Share

එක්සත් ජාතික පක්ෂය තුළ ඇති අර්බුදය ඉදිරි දින කිහිපය තුළදී විසඳා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පවසයි.

 

අද(17) කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂය වෙනදාටත් වඩා ශක්තිමත්ව නව නායකත්වයකින් හා වඩා පුළුල් සන්ධානයක් ලෙස ඉදිරියට යන බවයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය දේශපාලනිකව හා ශරීරිකව දුර්වල වන විට හිටපු ජානාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය පොදු පෙරමුණ ගොඩ නගා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එම සන්ධානටය ජය මාවතට රැගෙන ගිය බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙරව එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයකින් යටතේ නව සලකුණකින් ඉදිරිපත් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂය විනාශ නොවන බවත් ඉදිරි මහමැතිරණය ජය ගෙන අප්‍රේල් 25 වෙනිදාට පෙර එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන බවයි.

Read more

Local News