කොවිඩ් වෛරසයෙන් මිය ගිය ගණන 1868 ක්

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 1,868 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ අනූව නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇති පුද්ගලයින් ගණන 72,436 ක්.

චීනයේ සෞඛ්‍ය කොමිසම පවසන්නේ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය  වී මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 1,868 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේ පමණක් තවත් මරණ 93 ක් වාර්තා වී ඇති බවයි.

චීන රජය විසින් තවත් නව ආසාදිතයින් 1,886 ක් වාර්තා කර ඇති අතර අද වනවිට ආසාදිතයින් සංඛ්‍යාව අවම වශයෙන් 72,436 ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගැවසුණු ස්ථාන ප්‍රසිද්ධ කිරීමට දකුණු කොරියාව පියවර ගෙන තිබේ.

වෛරසය ආසාදනය වූ පිරිස් සමඟ සබඳතා පැවැත්වූ පිරිස් සිටීනම් ඔවුන්ට ඒ පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමට හැකිවීම මෙහි අපේක්ෂාවයි.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වනවිටත් තහවුරු වී ඇති දකුණු කොරියානුවන් සංඛ්‍යාව 29 ක්.

ඒ අනුව දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් එම 29 දෙනාගේම ජංගම දුරකථන තොරතුරු, හරපත් වාර්තා සහ ඔවුන් ගැවසුනු ස්ථාන සටහන් වී ඇති සී.සී.ටීවී දත්ත මෙන්ම ඔවුන්ගේ පොදු ප්‍රවාහන සේවා කාඩ්පත් ලබාගෙන ඒවායේ ඇතුළත් කරුණු මඟින් එම පුද්ගලයින් ගැවුසුනු ස්ථාන පිළිබඳ තොරතුරු රැස්කර ගනු ලබයි.

අනතුරුව එම ස්ථාන පිළිබඳ එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.

අදාළ සැකකටයුතු ස්ථානවල ගැවසුනේ නම් තමන් කොරෝනා ආසාධිතයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට ජනතාවට ඉන් අවබෝධයක් ලබාගත හැකි බව එරට බලධාරීන් පවසයි.

Read more

Local News