දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

Share

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණිලි භාර ගැනීමේ කාලය හෙට දිනයෙන් අවසන්වෙයි.

 

ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාරගැනීමේ කාලය දීර්ඝ කිරීම සිදු නොකරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණිලි 305 ක් ලැබී තිබේ.

අදාල පැමිණිලි සම්බන්ධයෙන් වන මූලික පරීක්ෂණ කටයුතු ජනපති කොමිසමේ ‍පොලිස් ඒකකය මගින් සිදු කෙරෙන අතර අනතුරුව සාක්ෂි විභාග කිරීමේ කටයුතු කොමිසම මගින් සිදු කරනු ඇත.

එහි සාක්ෂි විභාග කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දී තිබේ.

Read more

Local News