පාර්ලිමේන්තු කාරක සභාවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වගේ වෙන්න බෑ

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙන් පරීක්ෂණ කටයුතු කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

 

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පසුගියදා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, ඊයේ දිනයේ දී කාදිනල් හිමියන් විසින් පාර්ලිමේන්තු කාරක සභාවෙන් නිසි පරීක්ෂණයක් සිදු නොවු බවට කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දැක්වීය.

පාර්ලිමේන්තු කාරක සභාවකින් කිසිවිටෙකත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලෙස කටයුතු කිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවත් පැවසු මන්ත්‍රීවරයා, එහි යම් වෙනස් ක්‍රියාවලියක් ඇති බවත් පැවසීය.

නමුත් පාර්ලිමේන්තු කාරක සභාව විසින් සිදුකල වාර්තාව මෙතෙක් ජනතාව තුළට පැමිණ නැතැයි පැවසු ඒ මහතා, තමා පෞද්ගලිකව පිටු 68 ක පමණ වාර්තාවක් ලියු බවත් කියා සිටියේය.

ඒ වාර්තාව තුළින් චූදිතයින් කවුරුන්ද  යන්න ඍජුව පවසා ඇති බවත්, එවැනි දේ තවමත් සමාජ ගත වී නොමැති බැවින් කාදිනල් හිමියන් හා ජනතාව ඒවා දැක නැති බවත් පැවසු මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් යම් සැකයක් ඇතිව තිබෙන බවත් පැවසීය.

Read more

Local News