රාවණ ගැන ගවේෂණය කළ ආචාර්ය මිරැන්ඩෝ දිවියෙන් සමුගනී

Share

රාවණ ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මකව ලිපි හා පොත් පත් රැසක් මෙරටට දායාද කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ඊයේ (19) අභාවප්‍රාප්ත වී තිබේ.

 

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 21 දින මාතලේ ගලේවෙල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පවසති.

1940 වසරේ බලන්ගොඩ රාස්සගල ප්‍රදේශයේදී තිලක් රවීන්ද්‍රනාත් මිරැන්ඩෝ ඔබේසේකර නම් උපත ලැබීය.

රාස්සගල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මිරැන්ඩෝ ඔබේසේකරයන් පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව  උසස් අධ්‍යාපනය ලැබීය.

මෙරට ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මක පර්යේෂණ ග්‍රන්ථ කතුවරයකු ලෙස බොහෝදෙනෙකුගේ ජනාදරයට ඔහු පාත්‍රවිය.

සීගිරිය කාශ්යප රජු නිර්මාණය කළ එකක් නොව  වීශ්‍රවමුනි නම් වූ රාවණා රජුගේ පියා විසින් නිර්මාණය කළ එකක් බව ඔහු මෑත කාලයේ රට පුරා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබිණි.

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ දේහය මේ වන විට මාදිපොල තලකිරියාව නිවසේ තැන්පත් කොට තිබේ.

 

Read more

Local News