කොළඹ වාහන තදබදය පාලනය කරන්න නාවික හමුදාවේ සහය

Share

කොළඹ නගර සීමාව තුල පවතින වාහන තදබදය පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ විනය ආරක්‍ෂක අංශයේ නාවිකයින් යෙදවීමට කටයුතු කර ඇත.

 

රථ වාහන හැසිරවීම සඳහා හමුදා පුද්ගලයින් යෙදවීමේ ක්‍රමවේදයට සමගාමීව කොළඹ නගර සීමාව තුල ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන රථ වාහන තදබදය පාලනය කිරීම සඳහා පොලීසිය වෙත අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ඊයේ (25) දින සිට මෙලෙස නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ නාවිකයින් මෝදර පොලිසිය සමඟ එක්ව රථ වාහන පාලන රාජකාරි කටයුතු වල යෙදවීමට කටයුතු කර තිබේ.

මෙහිදී කොළඹ නගර සීමාවේ රථවාහන පාලන රාජකාරි කාර්යක්‍ෂමව සිදු කිරීමටත් එමගින් දෛනිකව රථ වාහන තදබදය හේතුවෙන් සිදු වන කාලය අපතේ යෑම සහ වායු දූෂණය වැළැක්වීමත් අපේක්‍ෂා කෙරේ.

Read more

Local News