කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට තරගාවලියේ ජය

Share

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරඟය ලකුණු 161 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

 

ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේම ජය හිමිකර ගත්තේය.

කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 239 ක විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගුවේ දෙදෙනාම ශතක වාර්තා කරමින්.

කුසල් මෙන්ඩිස් 119 ක් රැස්කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 345 ක් රැස් කරගත්තේය.

ලකුණු 346ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 39යි එක් පන්දුවකදී සියලු දෙනා දැවි ලකුණු 184 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.

Read more

Local News