කොරෝනා බවට සැකපිට පොළොන්නරුවෙන් හමුවු පුද්ගලයා ලංකාවේ තැන් කීපයක ගිහින්

Share

නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12) උදෑසන පොළොන්නරු රෝහලට ඇතුළත් කර තිබේ.

 

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු හා සෝමාවතිය ප්‍රදේශයේ වන්දාවේ පැමිණි අයෙක් මෙලෙස රෝහල් ගත කළ බව වාර්තා වෙයි.

මෙම රෝගීන් දෙදෙනාම ඉතාලියේ සිට පැමිණි අය වෙයි.

ඒ අතුරින් සෝමාවතිය ප්‍රදේශයේ වන්දාවේ ගොස් සිටියදී රෝහල් ගත කළ පුද්ගලයා මීට දින 10කට පෙර ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකු බව වාර්තා වේ.

එම පුද්ගලයා සිය පවුලේ සාමාජිකයින් සමඟ රට පුරා ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවත් වාර්තා වෙයි.

Read more

Local News