රෝම නගර ශාලාව ඉතාලි ධජයේ වර්ණවලින් ආලෝකමත් වෙයි

Share

ඉතාලියේ රෝම නගර ශාලාව ඉතාලි ධජයේ වර්ණවලින් ආලෝකමත් කර තිබේ.

 

නව කොරෝනා වෛරසයෙන් යුරෝපා කලාපයේ වැඩිම බලපෑමක් එල්ලවූ රට වන්නේ ඉතාලියයි.

මේ වන විට එරටින් මරණ 2503 ක් වාර්තාවී ඇති අතර ආසාදිතයන් ගණන තිස් එක්දහස ඉක්මවයි.

මේ අතර කොරෝනා වෛරසයට මුහුණදීමේදී රට තුළ පවතින සහයෝගිතාව පෙන්වීම සඳහා රෝමයේ නගර ශාලාව ඉතාලි ධජයේ වර්ණවලින් ආලෝකමත් කර තිබුණි.

ඉතාලිය තුළ වෛරසය පැතිරයාමේ අපිකේන්ද්‍රය වී තිබෙන්නේ උතුරුදිග කලාපයයි.

කෙසේ වෙතත් රටේ සියළුම ප්‍රදේශ වෙතද වෛරසය පැතිර ගොස් ඇති අතර එය පාලනය කිරීමට බලධාරීන් දැඩ ලෙස වෙහෙස මහන්සි වෙමින් සිටියි.

Read more

Local News