නව තාක්ෂණික විභාග වංචා වැළැක්වීමට විද්වත් කමිටුවක්

Share

නවීන තාක්ෂණය ආධාර කරගනිමින් සිදුකරන විභාග වංචා වැළක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාගැනීම සඳහා විද්වත් කමිටුවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතාට උපදෙස් ලබාදී ඇත.

පසුගිය දිනවල වර්තා වූ ප්‍රශ්න පත්‍ර පිට කිරීමේ සිද්ධිය සහ නවීන තාක්ෂණය ආධාර කරගනිමින් විභාග වංචා සිදුකිරීම සඳහා ඇති ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව තොරතුරු තාක්ෂණය සහ නව තාක්ෂණික මෙවලම් පිළිබඳ දැනුම මෙන්ම විභාග නීතිය පිළිබඳව දැනුම ඇති කමිටුවක් පත් කොට වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව එම නිර්දේශ ද ක්‍රියාත්මක කරමින් විභාග වංචා වැළැක්වීමට පියවර ගැනීම සඳහා වඩාත් සාර්ථක ලෙස මැදිහත් වීමට විභාග දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News