ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මාර්තු මස අරඹනවා – මංගල සමරවීර මහතා

Share

ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩිකිරීම සඳහා තරුණ ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් 2018 අය-වැය ප්‍රධාන යෝජනාවක් වූ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මාර්තු මස අරඹන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.

මේ පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර සහ රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් හා උසස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පෙරේදා (10) මහා භාණ්ඩාගාරයේ දී පැවැත්විණි.

මෙයින් ණය යෝජනා ක්‍රම 15ක් යටතේ තරුණ ව්‍යවසායකයන්ට සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබාදෙන බවද ඇමැතිවරයා කීය. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තරුණයන්ට, කාන්තාවන්ට හා විශේෂ හැකියා ඇති පුද්ගලයන්ට තමන්ගේ යැයි ව්‍යපාර ඇරඹීමට සහ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා ධීවර ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක කර්මාන්ත හෝ ව්‍යපාර ඇරඹීම සඳහා 75% ක සහනදායී පොලීමත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ණය ලබාදෙනු ලැබේ. මෙම සහනදායී පොලිය රජය මගින් දරනු ලබන අතර එකී පොලිය ගෙවීම සඳහා රුපියල් මිලියන 5,000ක් භාණ්ඩාගාරයෙන් වෙන්කර තිබේ.

 

Read more

Local News