ලෝක වසංගතය හමුවේ නොසැලී මුහුණදෙන අපේ ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය

Share

ච්නයේ වූහාන් නගරයෙන් පටන්ගෙන ආරම්භව කොරෝනා වෙෙරසය ආසාදීතයන් ලොවපුරා පැතිරිමත් සමගම ලෝක සෞඛ්‍ය සංව්ධානය එම වෙෙරසය කෝව්ඩ් 19 නම්න හදුන්වා එය ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත් කරන විටත් එම වෙෙරසය ශ්‍රිිලංකාවට ඇතුලු විම වලක්වාලිමට ජනවාරි මස 24 වන දින සිටම අතිගරු ජනපතිතුමන්ගේ මගපෙන්විම යටතේ ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රිලංකා) සමාගමේ ගරු සභාපතිතුමන් වන විශ්‍රාම්ක මේජර් ජනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මඩුල්ල ඉහළ කළමණාකාරිත්වය සියලුම නිලධාරින් සහ සේවක මඩුල්ල ඉතා කැපවිමෙන් යුතුව අඛණ්ඩව නිසි ක්‍රියාමාර්ග මේ වන විටත් අනුගමනය කරම්න සිටි.

දිනෙන් දින ඉතා අවසානාවන්ත අයුරින් මෙම වෙෙරසය ම්නිස් ජිවිත බිලිගනිම්න් ලොවපුරා පැතිරයන විට ගුවන්තොටුපල හා ගුවන් සේවා ශ්‍රිලංකා සමාගම ශ්‍රිලංකාවේ සිවිල් ගුවන්තාෙටුපල මෙහෙයුම්කරු ලෙස මෙම උවදුර මැඩපැවැත්විම සදහා සෞඛ්‍ය අධිකාරීන්ගේ මගපෙන්විම යටතේ සියලුම කටයුතු ගුවනතොටුපල තුල  මේ වනවිටත් ස්ථාපිත කර තිබේ.

සෞඛ්‍ය අංශවල නිර්දේශ මත ක්‍රියාත්මක වෙම්න් පැම්ණෙන ගුවන් මගීන්නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරිමක් සිදුවන්නේමෙවැනි පසුබිමක් තුලය.

මෙහිදිි මුලින්ම නිරෝධායන ක්‍රියාවලියට මුහුණ ‌‌දෙන්නේ චීනයේ වුහාන් නගරයේම අධ්‍යාපන ලැබීමට විදෙස්ගතව සිටි අප දුවා දරුවන් පිරිසකි. එවන්වු මැඩලිය ‌නොහැකි ‌ලොවම ‌වෙලාගත් වසංගත තත්ත්වය තුළ ජනාධිපති තුමන්‌ගේ ආශිර්වාදයෙන් ඔවුන්ව මුදාගැනීමට ජිවිත අවදානමක් සමඟ ඒ වගකිම බාරගත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු ‌සේවක මඩුල්ලයි. ඔවුන් රැගෙන යාමට පිටත්වී‌මේ සිට ඔවුන් ‌මෙරටට රැගෙනවිත් ගුවන්තොටුපොළින් අදාළ සියලුම රාජකාරි ඉටුකර ඔවුන් සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථාන ‌වෙත රැගෙන යනතෙක් අවදානම් සහිත තත්ත්වයකදී වුව ‌නොපිරිහෙලා තම රාජකාරියමය වගකීම සහ යුතුකම ඉටුකළේ ගුවන්තොටුපළ ‌සේවක මඩුල්ල සහ ඒ සඳහා මැදිහත්වු සියලුම ආරක්ෂක අංශවල ක්‍රියාකාරී දායකත්වය ද ඇතිවයි.

කොව්ඩ් 19 වෙෙරසය පැතිරිමේ ප්‍රවණතාවයන් සැලකිල්ලට ගෙන ලංකාවේ සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන නිර්දේශයන් මත ක්‍රියාත්මක වෙම්න් ලංකාවට පැම්ණෙන මියලු වානිජ මගී ගුවන් යානා සහ ඒ තුලින් රටතුලට පැම්ණෙන ගුවන් මගීන් වලක්වාලම්න් පසුගිය මාර්තු මස 19 වන දින උදේ 4.00 සිට මාර්තු මස 25 වන දින රාත්‍රි 11.59 දක්වා සිදු කරන ලදි.

කෙතරම් දරුණු වසංගත තත්ත්වයක් තුළ වුව ද අනෙකුත් වඩාත් දියුණු රටවල් සමඟ කරටකර ගුවන් ‌සේවා සපයන්නාවු අපට එක්වරම එය යම්කිසි කලපරිච්‌‌ජේදයකට අපගේ ගුවන්තොටුපළ වසාදමන්නට සිදුවන්නේ නම් ශ්‍රී ලංකා‌වේ ජාතික ආර්ථිකයට ඇතිකරනුයේ ඉමහත් බලපෑමකි.

ගුවන් තොටුපල තුලින් ආර්ථිකයට සහ සමාජයට ලැබෙන ප්‍රධානම බලපෑම වන්නේ සංචාරක කර්මාන්තය පෝෂණය විම ඒ තුලින් සෘජු හා වක්‍ර ආකාරයට රැකියා අවස්ථාවන් ජනිත විම විදේශ විනිමය රට තුලට ගලා ඒමේ සිට ඒ හා සම්බන්ධ අනෙකුත් සියලු ජිවනෝපායන් වන කුලී රථ සේවා සපයන්නන් සංචාරක මග පෙන්වන්නන් හෝටල් කේෂේත්‍රය යනාදි ප්‍රධාන අාර්ථික කටයුතු සංවර්ධනය විමයි.

පවතින තත්ත්වය තුළ ‌ලෝකයේ ‌සෙසු රටවල් වලට ‌මෙන් අප රටේ ආර්ථිකයට ද ඉසිලිය ‌නොහැකි ආර්ථිකයම පාඩුවක් මෙම ‌කොවිඩ් 19 වසංගතය පැතිරයාමත් සදඟම ද අපට ඇතිවී තිබේ.

රජය මගින් ගන්නා සියලු ක්‍රියාපිලිවෙත් අනුගමනය කරම්න් සහ එයට සහාය වෙම්න් පසුගිය මාර්තු මස 10 දින සිට මාර්තු මස 23 දක්වා 3453ක් පුද්ගලයින් සංඛ්‍යාවක් නිරෝධාන ක්‍රියාවලිය සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථාන 45 ක් වෙත යොමු කොට තිබේ මෙම ක්‍රියාවලිය තුල ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය මෙන් ශ්‍රි ලංකා යුධ හමුදාව ශ්‍රි ලංකා ගුවන් හමුදාව හ්‍රි ලංකා පොලිසිය ප්‍රමුඛ  කොටගත් ආරක්ෂක අංශයන්ගේ අසීම්ත කැපකිරිම අප මෙහිදි ඉතා වුවමනාවෙන් තේරැම් ගත යුතු කරුණකි.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සියලුම අංශ වල සේවක මහත්ම මහත්ම්න් මෙන්ම අනෙකුත් සියලුම හවුල්කාර ආයතනවල නිලධාරි මහත්ම මහත්මින් ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල කැප කිරිම ප්‍රශංසනිය බව මෙහිදි සදහන් කල යුතුමය මෙහිදි කාර්යේ නියුතු මහත්ම මහත්ම්න් සමග කතා බහ කිරිමේදි අපට හැගි ගියේ ඒ අය මේ මොහොතේදි තම රැකියාවට ඒහා ගිය ජාතික වගකිමක් ඉටුකිරිමට කැපවි සිටින අය ලෙසටයි

යම් ‌හෙයකින් පවතින අවදානම්කාරී තත්ත්වය හමුවේ මෙම ‌සේවක මහත්ම මහත්මීන් තම රැකියාවට වාර්තා ‌නොකරන්නේ නම් අපට අතිවන ඉරණය ‌මේ ‌මොහොතේදී සිතාගතවත් ‌නොහැක. එම නිසා ශ්‍රී ලාංකීක පුරවැසියන් ‌ලෙස මෙම ගුවන්‌ ‌තොටුපල කාර්ය මණ්ඩලය සිදු කළ සහ සිදු කරන ඉමහත් කැපවීම සැම ‌දෙනාග‌ේම ඇගයීමට සහ ප්‍රශංසාවට ලක්විය යුතුම කරුණකි.

මෙම ‌කොවිඩ් 19 ‌වෛරසය ‌ලොව පුරා පැතිරයාම ඇරඹීමත් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ‌‌තොටුපළ තුළ හා ගුවන් ‌සේවා ( ශ්‍රී ලංකා ) සමාගමේ සභාපති විශ්‍රාමික ‌මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා‌ෙගේ නිරන්තර අධික්ෂණය සහ උපදෙස් පරිදි ආරක්ෂිත උපායමාර්ගයන් රාශියක් අඛණ්ඩව අනුගමනය ‌කෙරිණ. ඒ අනුව සමස්ථ ගුවන් ‌තොටුපොලම ආවරණය වන පරිදි පිරිසිදු කිරිමේ දිනයක් නම් කරමින් ගුවන් ‌තොටුපල පරිශ්‍රය පිරිසිදු කිරිම, ගුවන් මගීන් නිරන්තරයෙන් ගැව‌ෙසෙන මගී පර්යන්ත ‌ගොඩනැගිල්ලේ ඒ අදාල ප්‍රදේශයන් ‌මෙහෙයුම් පවතින පැය 24 කාලසීමාව පුරාවට වරින් වර අඛණ්ඩව සිදු කිරිම, ‌රෝගී තත්ත්වය මුලිකව හඳුනාගැනීම සඳහා ‌මෙරටට පැමිණෙන සෑම ගුවන් මගීයෙක්ම ශරීිර උෂ්ණත්වය මැන බැලීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කිරිම, ‌සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක ‌කෙරෙන මගීන්ගේ දත්තයන් පදනම් ‌කොටගත් ‌රෝගීන් හඳුනාගැනීමේ ක්‍රමවේදයන්ට සහය දැක්වීම, සෑම විටම පුද්ගල පිරිසිදුභාවය සහ ශරීර ‌සොඛ්‍ය පවත්වා ගැනීම සඳහා නිතර ගුවන් මගින් හා රාජකාරියේ ‌යෙදෙන ගුවන්තොටුපොල ඉදිරිපෙල ‌සේවක මඩුල්ල අදාල මුඛ ආවරණ පැලඳීම, ශරීරය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ආරක්ෂක ඇඳුම් කට්ටල ලබාදීම සහ ‌දෙඅත් නිතර පිරිසිදුව තබාගැනීම ආදී කරුණු පිලිබඳව දැනුවත් කිරීම සිදුකරන ලදී.

තවද රටපුරා පවතින ඇදිරි නිති කාලය තුල අැතිවන අවහිරතා හදුනාගනිම්න් ගුවන් තොටුපොල තුල හා ගුවන් සේවා ශ්‍රිලංකා සමාගමේ සභාපතිතුමාගේ සෘජු මැදිහත්විම යටතේ සමාගමේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල වලට අවශ්‍ය ආහාර පානා සහ අනෙකුත් සියලුම පහසුකම් ඒ කාල සිමාව තුල නොම්ලයේ ලබා දිමට කටයුතු කිරිම ඉතා ප්‍රශංසනීයයි.

ඊට අමතරව ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පුර්ණ සහාය සමග බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රය මෙහෙයුම් පවතින කාල සීමාව  තුල විෂබිජහරණ ක්‍රියාවලිය පසුගිය මාර්තු 16 වනදා  අරම්භ කරන ලද අතර එය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අවසාන වශයෙන් අප ‌මෙහිදී මගී ජනතාවගෙන්, ගුවන් ‌තොටුපළ භාවිතා කරන්නන්ගෙන්, සංචාරකයන්‌‌ගෙන්, ජනමාධ්‍ය ආයතන වලින් සහ සමස්ථ ශ්‍රී ලාාකීක ජනතාවගෙන් ඉතා ඔනෑකමින් ඉල්ලා සිටිනුයේ පවතින තත්ත්වය හමුවේ සුලු අපහසුතාවයන් ඇතිවුවුද ‌මෙවන් ජාත්‍යයන්තර ‌මෙන්ම ජාතික ව්‍යසන තත්ත්වයකදී ‌මෙම තත්ත්වවය පරාජය කිරිමය සියලුදෙනා එකාවන්ව එක්සිත්ව කටයුතු කළ යුතු බවයි.

ලොවපුරා ව්‍යාප්තව ඇති ‌මෙම ‌කොවිඩ් 19 ‌වෛරසය ‌මෙලොවින් ඉක්මනින් තුරන් ‌වේවා යි යන්න අප සියලු ‌දෙනාගේම ඒකායන ප්‍රාර්ථනයයි.

Read more

Local News