තවත් කොරෝනා ආසාදිතයින් 4ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Share

ශ්‍රී ලංකාවේ තවත් COVID-19 රෝගීන් සිව්දෙනෙකු මුළුමනින්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

මේ අතර ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 ක්.

ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

කෙසේ නමුත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

තවදුරටත් දිවයින පුරා රෝහල් වල කොවිඩ් නයින්ටීන් අසාධිතයින් බවට සැකකරන පුද්ගලයින් 255 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

Read more

Local News