එළවළු ම්ල ඉහළ දැමු වෙළෙන්දන්ට වැඩ වරදි

Share

මැනිං වෙළද පොලෙහි අද (26) දිනය තුළ ඉහල මිලට එළවළු වර්ග අලෙවිකර ඇති බවට වාර්තා වේ.

 

එළවළු මිලට ගැනිම සඳහා පැමිණි පාරිභෝගිකයින් මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් පැවසුවේ උපරිම මිලක් නියම කර තිබුනද එය ක්‍රියාත්මක නොවන බවයි.

මැනිං වෙළඳපල සමිතියේ සභාපති රනිල් හෙට්ටිගේ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාල පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර පාරිභෝගිකයින් වෙළඳපොලෙන්  විශාල වශයෙන් ලුණු මිලදී ගැනිමට පෙළඹී සිටින අතර කිසිදු ලුණු හිඟයක් රට තුළ නොමැති බව රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවී ලියනගේ මහතා පවසයි.

Read more

Local News