මුල්ලේරියාව රෝහලේ ගොඩනැඟිලි ද්විත්වයේ වැඩ ගුවන් හමුදාව අවසන් කරයි

Share

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග ‍විද්‍යායතනයේ රෝගී පුද්ගලයන් වෙත ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා ගුවන් හමුදා දායකත්වය ලබා දී තිබේ.

 

ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ දායකත්වය අනුව මෙය සිදු කර තිබේ.

ඒ අනුව පසුගිය දා ගොඩනැඟිලි ද්විත්වයක් ඉදිකිරීමට පියවර ගැණුනි.

මෙම ගොඩනැඟිලි ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය මඟින් ඉදිකරනු ලැබීය.

මෙය ගොඩනැඟිලි ද්විත්වයකින් හා අංග සම්පූර්ණ රෝගී පුද්ගලයින් හට ප්‍රතිකාර ලබා දීම සඳහා කාමර 16 කින් සමන් විත වෙයි.

මෙම ඉදි කිරීම් පසුගිය 18 වන දින ආරම්භ විය.

එය දින 14 ක් තුළ නිම කිරීමට යෝජිත වු නමුත් පැය 24 පුරා සේවය කර ගුවන් හමුදා නිලධාරීන් දින 10 කට අඩු කාලයකින් ඉදි කර තිබේ.

ඒ අනුව අද(28) දින මෙම ගොඩනැඟිලි ද්විත්වය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් බාර දී තිබේ.

Read more

Local News