දඹුල්ලේ කර්මාන්ත ශාලාවක් වසා දැම්මට නියෝග

Share

අකුරණ ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය  වූ පුද්ගලයෙකු හඳුනා ගැනීමෙන් පසුව සේවක සේවිකාවන් 350ක් පමණ පිරිසක් සේවය කළ දඹුල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් අද පස්වරු 2 සිට තාවකාලිකව වසා දැමීමට දඹුල්ල මහනගර සභාව තීරණය කර තිබේ.

ඒ එම කර්මාන්තශාලාවේ සේවය කරන සැලකිය යුතු පිරිස් අකුරණ පදංචිකරුවන් වීම නිසයි.

කර්මාන්තශාලාව වසාදැමීමේ නියෝගය දැනුම්දීමට නගරාධිපති ජාලිය ඕපාත මහතා එහි ගිය අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දුරකථනයේ රැදි සිටින බවත්,  කර්මාන්ත ශාලාව වසා දැමීම නවත්වන්නැයි දැනුම් දෙන බවත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් කර්මාන්තශාලාව වසාදැමීම අමාත්‍යවරයාගේ නම වංචනිකව භාවිත කරමින් වළක්වාගැනීමට උත්සාහ දරා ඇති බව හෙළිවීමෙන් පසුව කර්මාන්ත ශාලාව වසා දැමුණි.

Read more

Local News