හෝමාගම කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි – පවුලේ අය නිරෝධායනයට

Share

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචිව සිටි 61ක් හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම නිසා ඔහුගේ දියණිය බෑනා සහ දරුවන් තිදෙනා අද සිට නිවස තුළදීම නිරෝධායනයට ලක්කිරීමට හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරීන් කටයුතු කළේය.

 

අදාළ පුද්ගලයා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටියදී ඔහු වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරු කර එවීමත් සමඟයි මෙම පියවර ගෙන ඇත.

දැනට රෝහල් ගතව සිටින අදාළ පුද්ගලයා සිය පවුලේ පිරිස සමඟ දින 15කට පෙර බලංගොඩ ප්‍රදේශයේ සංචාරයකට ගොස් තිබුණි.

අදාළ පුද්ගලයාගේ බිරිඳ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ නිවසකදී නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේය.

Read more

Local News